නගර 26ක් සංවර්ධනයට රුපියල් බිලියන 65ක්

Report

කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට පමණක් සීමා නොවූ, ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි ජනතා කේන්ද්‍රීය සහ තිරසාර නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක "නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්" යටතේ ඇරඹි "Life Cities" (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

කොළඹදී පැවති මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගී වූවාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

එහි පළමු අදියර ලෙස නගර 10ක් තෝරාගෙන ඇති අතර, හෙට දින සිටම එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙසත්, නගරාධිපතිවරුන් පෙන්වන ප්‍රගතිය මත ඉදිරි කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.