ආයු' හි ඩොක්ටර් නිශ්මි ලෙස ප්‍රේක්ෂක සිත් දිනූ සැන්ඩ්‍රාගෙන් අසමසම රංගනයක් -සරසවියම හොල්ල්ලමින් සම්මාන දෙකක්
එකම සිනමා නිර්මාණයෙන්ම දක්ෂතම නිළිය හා ජනප්‍රිය නිළිය සම්මානයා දිනා ගන්න ලෙහෙසි පහසු කෙනෙකුටනම් බෑ . හැබැයි ආයු සිනමා නිර්මාණයෙහි සම්මාන දෙකකටම උරුමකම් කියන්නට ඇය සමත් වෙලා තියනවා . දළ රළ මැද ජීවිතය සොයා ගිය කතාව ආයු සිනමාපටය තුළින් ඇයගේ රංගන හැකියාවෙන් මුළු රටම හොල්මන් කර අවසානය .
ආයු වෙනුවෙන් ඒ ලැබිය යුතු නිසි ගෞරවය ඇයට හිමි විය
ඇය මෙම එකම සිනමා නිර්මාණයෙන් සම්මාන දෙකකටම උරුමකම් කියන්නට සමත් විය .
ආයු සිනමා නිර්මාණය තුළ අපූරු රංගනයෙන් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කර තිබේ චත්‍ර වීරමන්ගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙස තිරගත වූ 'ආයු' (Ayu) සිනමාපටයේ 'නිෂ්මි' (Dr. Nishmi) නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියගේ චරිතය අපූරු ලෙස නිරූපණය කරම නිසා සැන්ඩ්‍රා මෙවර සම්මානයට උරුමකම් කියනු ලැබීය ජීවිතයේ කඩා වැටීම් හමුවේ නොසැලී සිටින ගැහැනියකගේ අභ්‍යන්තර ශක්තිය, අත්හැරීම සහ මානුෂීය බැඳීම් ඉතා සියුම් භාව ප්‍රකාශනයන්ගෙන් ප්‍රතිනිර්මාණය කිරීමට ඇය දැක්වූ නිසග හැකියාව ජූරියේ ඒකමතික පැසසුමට ලක් විය.
ඉතිං මේ ගැන ප්‍රේක්ෂකයන්ට ස්තූතිවන්ත වෙමින් ඇය සදහන් කර තිබුණේ මෙවන් අදහසකි
මගේ සරසවිය ජයග්‍රහණය ගැන මෙතරම් සුන්දරව, ආදරණීයව ලියූවට හදවතින්ම ස්තුතියි. මගේ ගමන අගය කරමින් ලියූ මේ වචන මට ඇත්තටම විශේෂයි

