තලෙයිමන්නාරම වැලිපරයක අතරමංව සිටි තරුණයෙකු නාවික හමුදාව මුදාගනී

Report

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි 17 හැවිරිදි පුද්ගලයෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (11) සමත් විය.

දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ මෙලෙස අතරමංව සිටියදී උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා 'තම්මැන්නා' ආයතනයේ නිලධාරීන් විසින් සිදුකළ මුර සංචාරයකදී මොහුව නිරීක්ෂණය කර තිබේ.

අතරමංව සිටි යෞවනයා නිරුපද්‍රිතව බේරාගත් නාවික හමුදාව ඔහුව 'තම්මැන්නා' ආයතනය වෙත රැගෙනවිත්, අවශ්‍ය පානීය ජලය සහ ආහාර ඇතුළු මානුෂික ආධාර ලබා දීමට පියවර ගත්තේය.

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය හා පරිපාලනමය කටයුතු සිදු කිරීම සඳහා මුදාගත් පුද්ගලයා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි