පොහොට්ටුවේ හිටපු අපේක්ෂක සම්පත් මනම්පේරීට ඇප

Report

ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරී මහතාට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.

තංගල්ල මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා හමුවේ මෙම ඇප ඉල්ලීම කැඳවූ අතර, එහිදී සැකකරු රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2.5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය සහ ආයුධ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සැකකරු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබිණි.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය, කාරියමඩිත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම ජීව අත්බෝම්බය සොයාගෙන ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - අද වාර්තාවෙන අගයන් මෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - අද වාර්තාවෙන අගයන් මෙන්න

මිද්දෙණිය පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ නඩුවට අදාළව මෙම ඇප පෙත්සම තංගල්ල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි.