ඉන්දු-ශ්‍රී ලංකා නාවික අභ්‍යාසයට සිඳුරළ නෞකාව ඉන්දියාව බලා පිටත්වෙයි

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ‘SLINEX – 2026’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'සිඳුරළ' නෞකාව අද (11) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙවර 'SLINEX' නාවික අභ්‍යාසය 2026 සැප්තැම්බර් 14 සිට 18 දක්වා ඉන්දියාවේ විසාකපට්නම්හිදී පැවැත්වීමට නියමිත බව නාවික හමුදාව නිවේදනය කළේය.

පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීතාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ වෘත්තීයමය අත්දැකීම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය වාර්ෂිකව සංවිධානය කෙරේ.

අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුල ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ වරායේදී නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නෞකාව පිටත් කර යැවීමේ කටයුතු සිදු කෙරිණි.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි