මීට සුළු මොහොතකට පෙර රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට එයි [VIDEO]
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණි බව වාර්තා වේ.
ඒ අද (08) දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමටයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න ප්‍රකාශ කර සිටියේ කථානායකවරයා ලබා දී ඇති අවසරයට අනුව ඔහුව මෙසේ පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බවයි.
ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි
එසේම නාමල් රාජපක්ෂ මහතාට, ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවසර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය ඔස්සේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කර තිබුණා.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,