අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු
අද දින (08) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා විසින් මේ වනවිට උද්ගතව ඇති වාහන අංක තහඩු හා එහි වර්ණයන්ගේ නීත්‍යානුකුලභාවය පිලිබඳවත් රියදුරු බලපත්‍ර ප්‍රමාද වීමේ ගැටලුව පිළිබඳවත් අදහස් ඉදිරිපත් කර ඇත.
එහිදී ඔහු පවසා සිටියේ 2026 සිට ලබා දෙන අංක තහඩු සති දෙකක් ඇතුලත දී ලබාදෙන බවත් එය සතියක් තුලදී ලබාදීමට උත්සහ කරන බවත් පැවසුවේය.
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි
එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන සඳහා නිකුත් කල කොළ පැහැති අංක තහඩු පිළිබඳව නිවේදනය කල බවත් ඒ පිළිබඳව ගැසට් කිරීමට අවශ්‍ය බවත් පැහැදිලි කළේය.
එම කොළ පාට අංක තහඩු නීත්‍යානුකුල අංක තහඩු වන බවත් පොලිසිය මේ කරුණ පිළිබඳව විශේෂ මෙහෙවරක් සිදු කරන බවත් පෙන්වා දුන්නේය.
අංක තහඩු හිමි වීම කල් යෑම හා වාහන රියදුරු බලපත්‍ර ලැබීමේ අතිශය ප්‍රමාදය පිළිබඳවත් ඇතැම් රියදුරු බලපත්‍ර වසරක් ගත වී තවමත් නොලැබීම පිළිබඳවත් එම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන බවත් පැවසුවේය.
ඒ අනුව ඉලෙක්ට්‍රික් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුත් අනෙකුත් වාහන සඳහා කහ පැහැති අංක තහඩුත් නීත්‍යානුකුල බව පැවසුවේය. අද දින අංක තහඩු ඉල්ලන පිරිස සඳහා සති 2ක පමණ කාලයකදී ලබා දිය හැකි බවත් නිවේදනය කළේය.
එමෙන්ම වාහන රියදුරු බලපත්‍ර ගැටලුව සඳහා අදාළ දෙපාර්තුමේන්තුව කොමසාරිස් ජනරාල්වරයකු පත් කරගැනීමත් සමඟ කඩිනමින් එනම් වසරක් ඇතුලත කාලයක් තුලදී විසඳුම් ලබාදෙන බවටත් අමාත්‍යවරයා නිවේදනය කළේය.
නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට
