''මේක පොහොට්ටුවේ පසුබෑමක් නෙමේ ඉදිරියට යෑමක් '' පුතාගේ සුවදුක් බලන්න හදිසියේම බන්ධනාගාරයට ආ මහින්ද කියයි

Report

ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  නාමල් රාජපක්ෂ බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ පැමිණ තිබුණි

දේශපාලන පෙරළිය උණුසුම් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

  ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියකදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා ඊයේ දින එම කොමිෂන් සභාව වෙත පැමිණියේය.

''අපේ රටේ සිංහ පැටියව තමා ඇතුළට දැම්මේ '' දේශපාලන පෙරළිය උණුසුම් කරමින් ඇතුළට ගිය නාමල් වෙනුවෙන් පාක්ෂිකයන් හඩ නගයි

''අපේ රටේ සිංහ පැටියව තමා ඇතුළට දැම්මේ '' දේශපාලන පෙරළිය උණුසුම් කරමින් ඇතුළට ගිය නාමල් වෙනුවෙන් පාක්ෂිකයන් හඩ නගයි

එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. 

නාමල් රාජපක්ෂ බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සදහන් කළේ මෙවැන්නක්

''   නාමල්ට මේක පුරුදු නැති දෙයක් නෙමේ .මීට කළිනුත් නාමල් ඇතුළේ ඉදලා තියනවා මමත් ඉදලා තියනවා. මේක පොහොට්ටුවේ පසුබෑමක් නෙමේ ඉදිරියට යෑමක් ''