රියදුරන්ට PT License අනිවාර්ය කෙරේ - මොඩියුල 10ක් දින 10න් පුහුණුවට - අමාත්‍ය නිවේදනය මෙන්න
අද දින (08) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මහාමාර්ග දියුණුව උදෙසා සිදුකරන අධිවේගී මාර්ග නිර්මාණ කටයුතු පිළිබඳවත් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් මගී ප්‍රවාහන කටයුතු සිදු කරන රියදුරන්ට මෙහෙයවන පීටී ලයිසන් (PT License) හෙවත් දින දෙකේ පුහුණුවීම පිළිබඳව අදහස් ප්‍රකාශ කර ඇත.
මෙම දින දෙකේ පුහුණුව මේ වනවිට දින 10ක පුහුණුවක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී නිවේදනය කර ඇත. එමෙන්ම මොඩියුල 10ක් මෙම පුහුණුවේදී ඇති අතර ඒ වෙනුවෙන් දින 10ක් එක දිගට සිටීමට අවශ්‍ය නොවන බවත් දින දෙකෙන් දෙකට පස් වරක් සිදු කිරීමට හැකි බවත් අමාත්‍යවරයා නිවේදනය කර ඇත.
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි
මෙම පීටී ලයිසන් ගැනීම අනිවාර්ය බවත් මෙම පුහුණුව ගැසට් කිරීම සඳහා යොමු කර ඇති බවත් මේ වනවිටත් රාජ්‍ය අංශ මෙම පියවර ආරම්භ කර ඇති හෙයින් පෞද්ගලික අංශ ද ඔවුන්ගේ රියදුරුවරුන් පීටි ලයිසන් (PT License) ලබා ගැනීම සඳහා යොමු කල යුතු බවත් පවසා ඇත.
එමෙන්ම 2026 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළදී කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවල කොටස් ආරම්භ කිරීමට සූදානම් බවත් කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2026 වසර අග ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම ජනපති අනුර කුමාර විසින් කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙස උපදෙස් දීම පිළිබඳවත් අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් ද අධ්‍යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් අවධාරණය කළේය.
වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ මහාමාර්ග දියුණුව පිළිබඳව රජයට ඇති සැලසුම් උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවත් පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට සැලැසුම් කර ඇති බවත්ය.
නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට
