ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි
හෙට (01) දිනට පමණක් වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සහ ඉරට්ටේ යන ඕනෑම අංකයකට පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි.
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා ගැනීමට පමණක් මීට පෙර අවසර හිමි විය.