ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් වැදගත් නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අනතුරු අඟවයි

Report

ඉදිරි පැය 36 තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දින  පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, එමගින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද 2 න් පසු මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - ප්‍රවේශම්වන්නැයි නිවේදනයක්

අද 2 න් පසු මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - ප්‍රවේශම්වන්නැයි නිවේදනයක්


Gallery