"නාමල්ව හිරේ දාලා සැප්තැම්බර් 12 රැස්වීම නවත්වල ඉවර කරන්න බෑ" -රෝහිත අබේගුණවර්ධනගෙන් ආණ්ඩුවට අභියෝගයක්
ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් ගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වසර දෙකක් සැබවින්ම සුබදායක වීමට නම් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා සිරගත කර සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත රැස්වීම නතර කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් එය සිදු කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව අමතමින් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
''' මේ ආණ්ඩුව එන්න කළින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා . පොහොසත් රටක් ලස්සන ජීවිතයක් . ජනතාව බලාපොරොත්තු වුනා ලස්සන රටක සාක්කුව පිරුණු ආර්ථිකය හොද වෙච්ච රටක ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒ හින්දා ජන්දේ තමයි දුන්නේ. තමුන්නාන්සේලා පහුගිය දවස්වල ගැහුවා අවුරුදු දෙකයි - රටට සුබයි කියලා අවුරුදු දෙකනම් හරි සුබ වෙන්නනම් ජනතාව පොරොන්දු ඉටුවෙන්න ඕනේ . ඩීසල් වැඩිවෙලා , පෙට්‍රල් වැඩිවෙලා . විදුලි බිල වැඩි වෙලා ගොවියාව රජ කරවනවා කියලා ඒ ගොල්ලොම කියනවා කසිප්පු කාරයෝ කියලා . මේ වසර දෙක හොදයිද? හොද නෑ තමුන්නාන්සේලාගෙ පාක්ෂිකයෝ චූං වෙනවා
තමුන්නාන්සේලා බලාපොරොතුවෙලා ඇති නාමල්ව හිරේ දාල සැප්තැම්බර් 12 වෙනිදා රැස්වීම නවත්වන්න ගොවි ජනතාව වෙනුවෙන් ඒ රැස්වීම පවත්වන්නේ .මේක නවත්වන්න පුලුවන්කමක් නෑ . ජනතාව ගත්තු තීන්දු තීරණ ගත්තු ඉතිහාසයක් තියනවා. මට මතක් වුණේ ආණ්ඩුව රට වටේ යද්දී 2015 මහින්ද මහත්තයාව .නමුත් පරාද වුණා .
ජනතාව බලාගන ඉන්නවා. පොරොන්දු ඉටු නොකළම ජනතාව පරද්දනවා ජනතාවගේ බදු බර වැඩි වෙලා ''