ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ
ශ්‍රී ලංකා ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව සියලු පාර්ශ්ව දැනුවත් කරමින් ඉදිරියේදී අධ්‍යාපන චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව 2022 ඔක්තෝබර් 23 සිට 2025 ජූනි 30 දක්වා කාලය තුළ ගුරු සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලද ගුරුවරුන් කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙන මුත්, එම කඩඉම ඉදිරි උසස්වීම ලැබීමට පෙර සම්පූර්ණ කළ යුතු වේ.
එසේම තමා උසස් වූ ශ්‍රේණියට පූර්වයෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩඉම, ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස්වීම් ලද නිලධාරීන් එකී පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් කිරීමට ද තීරණය කර ඇත.
මීට අමතරව 2025 ජූනි 30 දින සිට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වෙන දිනයන් (2026 ජූනි 19, ජූලි 17 සහ අගෝස්තු 21 ගැසට් නිවේදන අනුව) අතර කාලයේ ශ්‍රේණි උසස්වීම් හිමිවන නිලධාරීන්ට ද මොඩියුල හෝ විභාග සම්පූර්ණ කිරීම නොසලකා උසස්වීම් ලබා දීමට කටයුතු යොදා තිබේ.
අංක 2444/21 හා 2025/07/08 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධිත ගුරු ව්‍යවස්ථා ප්‍රකාරව මෙම නව කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමය හඳුන්වා දී ඇත.