උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න
පසුගියදා පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (31 වැනිදා) හෝ අනිද්දා (01 වැනිදා) නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වූ මෙම තීරණාත්මක විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයින් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන මේ වන විට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ.
මෙවර විභාගය පැවැත්වෙන අතරතුර බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් විෂයයන් කිහිපයක් නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූ අතර, එම කල් දැමූ විෂයයන් ජනවාරි මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ සාර්ථකව පවත්වා නිම කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි
විභාගයේ අවසන් අදියර ලෙස සැලකෙන ප්‍රායෝගික පරීක්ෂණ ද පසුගිය 16 වැනිදා සාර්ථකව අවසන් කෙරුණු අතර, ඉන් අනතුරුව ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු කඩිනම් කෙරිණි. ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.doenets.lk) හරහා ඒවා ලබාගැනීමට පහසුකම් සලසා ඇත.