80කට වැඩි පිරිසකකට මරු කැඳවූ ටෙක්සාස් ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම් [PHOTOS]

Report

මධ්‍යම ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් පසු මේ වන විටත් අතුරුදන්ව ඇති පිරිස් සොයා සිව්වන දිනටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව සඳහන්ව ඇත්තේ දැනටමත් මෙම ගංවතුර තත්ත්වයෙන් එරට පුද්ගලයින් 80කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එසේම එය තහවුරු කර ඇති බවද සඳහන්. එසේම කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් වෙනුවෙන් වූ ගිම්හාන කඳවුරක් වූ කැම්ප් මිස්ටික්හි මියගිය අය අතර අවම වශයෙන් ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙක් සිටින බවට දැනට තහවුරු වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර ජීවිතක්ෂයට පත් අය අතර එම කඳවුරේ දිගුකාලීන අධ්‍යක්ෂවරයෙක් වූ රිචඩ් "ඩික්" ඊස්ට්ලන්ඩ් ද සිටින බව සඳහන්.

එසේම ඉදිරි පැය 24-48 තුළ කලාපයේ තවත් කුණාටු බලාපොරොත්තු වන බව වාර්තා වේ.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

එමෙන්ම අද (07) දිනය පුරාවටම කර් ප්‍රාන්තය සහ ටෙක්සාස් අවට ප්‍රදේශ ආවරණය වන ලෙස ගංවතුර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව පවසයි.

තවද ඇතැම් ස්ථානවලට අඟල් 2 සිට 4 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවත් තවදුරටත් වැසි සහ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇතැයිද බලාපොරොත්තු වන බව සඳහන්. 

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

GalleryGalleryGalleryGallery