බිහිසුණු පාසල් වෑන් අනතුර සිදුකල ටිපර් රියදුරු අත්අඩංගුවට වැඩි විස්තර මෙන්න

Report

අද (27) උදෑසන 7.10ට දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා පැමිණ විල පාලම අසලදී පාසල් දරුවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

අස්වැසුම ලැබෙනකම්ද හිටියේ? මෙන්න විස්තරේ

අනතුරින් පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු මරණයට පත්ව ඇති බව කුලියාපිටිය පොලීසිය පවසයි. වැඩිදුරටත් අනතුරට ලක්වූ පාසල් සිසුන් දහතුන් දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

වැඩි දුර විමර්ෂණ වලින් අනතුරුව කුලියාපිටිය පොලිසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

වැලි පැටවූ ටිපර් රථය ධාවනය කර තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට, වෑන් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවට වන අතර අනතුරත් සමග එම ස්ථානයට පැමිණි පොලිසිය සහ ජනතාව තුවාල ලැබූ සිසුන් රෝහල් ගතකර ඇත. ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලටය.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිසුවියන් 12 දෙනෙකු සහ සිසුන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් වයස අවුරුදු 12ත් 13ත් අතර වයස්වල පසුවන සිසුවියන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.

අනතුරින් වෑන් රථයේ රියැදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනාගෙන් 9 දෙනෙකු මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලටත් අනෙක් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලත් ඇතුලත් කර ඇත.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත. වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම්.සී. වන්නිනායක මහතා සහ කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ සිසුන්ගේ සුවදුක් විමසා බැලූ අතර කුලියාපිටිය පොලිසිය පැවසුවේ, ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවය.