ඇප ලැබිලා තියද්දී වෙන පෞද්ගලික රෝහලට මාරු කරගන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන [UPDATE]
බන්ධනාගාර ගතව සිට ඊයේ (26) දින ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවයි.
ඔහු පැවසූ ආකාරයට,
"ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි.
දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි."
"ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වුණා. මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න.
විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා."
මිට අමතර ඊයේ දින ඇපමත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමටසුදානම් බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදා දැමීමට එක් වූ සියලුදෙනාට ස්තූතිය පල කරන බවඳ සදහන් විය.