සිසුවියක් අපයෝජනය කළ සිසුන් 17දෙනෙක් ගැන දැන් ලැබුණු ආරංචිය. - දෙමව්පියන් ගැන තවත් තොරතුරු රැසක් එළියට.
By Wayomi
තණමල්විල ප්‍රදේශයේ පාසලක සිසුවියක් අපයෝජනය කළ පාසල් සිසුන් 17 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.
11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය අවස්ථා රැසකදී සමූහ වශයෙන් දූෂණය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණවී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන්ගේ දෙමාපියන් ප්‍රදේශයේ යම් සමාජ බලයක් හිමි පිරිසක් වන බවත් එම නිසා මෙම සිද්ධිය යටපත් කිරීමට ඔවුන් ක්‍රියාකර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර අත්ජි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.