අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.
මාතලේ නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරනය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය වෙත මුදාහරින ලද බවට සැක කෙරෙන එම පාසලේම සිසුන් දෙදෙනෙකු මාතලේ පොලිසිය අද (12) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාතලේ හුලංගමුව හා වාරියපොළ ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දෙදෙනෙක්.
අදාළ ගුරුවරිය පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුව සඳහා මාතලේ විද්‍යාලයක නැටුම් ගුරුවරියක ලෙස සේවයට පැමිණ ඇති අතර, ඇය නිට්ටඹුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සඳහන්.
අදාළ සිසුන් දෙදෙනා ගුරුවරියගේ මුහුණු කොටස නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදා හැර ඇති බවට ගුරුවරිය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ මාතලේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුරුව ඔවුන් මාතලේ පරිවාස කාර්යාලය වෙත යොමු කර පරිවාස වාර්තා සමඟ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.