වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.

Sri Lanka Police School Children
By Wayomi Aug 12, 2024 04:40 AM GMT
Wayomi

Wayomi

Report

වසරක් තිස්සේ තණමල්විල ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ පුවතක් වාර්තා වුණා.

එම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා, විනය කමිටුව හා සිසුන්ගේ මාපියන් කිහිපදෙනකු එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

මේ දේ නොකලොත් අපේක්ෂකයින් 29දෙනා බැදපු ඇප මුදල් රාජසන්තක කරන්නේ මෙහෙමයි.

මේ දේ නොකලොත් අපේක්ෂකයින් 29දෙනා බැදපු ඇප මුදල් රාජසන්තක කරන්නේ මෙහෙමයි.


තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත කළ මූලික විමර්ශනයකදී සිද්ධිය අනාවරණය කරගෙන තිබුනා.

ඒ අනුව අදාළ දැරිය පොලිස් ස්ථානයට කැඳවා කළ ප්‍රශ්න කිරීමේ දී ඇය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දී තිබෙනවා.

අපයෝජනයට ලක්වූ සිසුවිය එම පාසලේම සිසුවකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.

වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.


එම සිසුවා දැරිය රවටා යහළුවකුගේම නිවසකට රැගෙන ගොස් ඇති අතර පසුව එහි සිටි තවත් සිසුන් දෙදෙනකු සමග දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ කර ඇත.

පසුව එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතක දී එම පාසලේම සිසුන් 20 දෙනකු ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළුව විසිදෙනකු එක්ව සමූහ ලෙස දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

2022 වසරේ අවසාන මාස හතර තුළ මෙම දැරියව මුල්වරට දූෂණය ලක් කළ තිදෙනාගේ සහායෙන් අනෙක් පාසල් සිසුන් ඇයව බියවද්දවා තණමල්විල ප්‍රාදේශීය සභා ක්‍රීඩාගාරයේ ක්‍රීඩා කාමරයක් තුළ, තණමල්විල කිරිඳිඔය රක්ෂිතයේදී, පාසලක වැසිකිළියක් තුළ දී සහ තවත් නිවාස දෙකක දී දූෂණය කර ඇත.

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)


සිසුන් 07 දෙනකු එක්ව දැරිය කිරිඳිඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එය ද විඩියෝ ගතකර ඇති අතර එම සිදුවීම පිළිබඳව මුලින්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී ඇත.

ඒ අනුව විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන් ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සැකකාර සිසුන් පිරිස අතර එක් සිසුවකුගේ පියකු තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයකු වන අතර මව ද පාසල් ගුරුවරියක වේ.

හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.

හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.


මේ හේතුව නිසා සිද්ධියට අදාළව නීතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය මාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක් ද ගැනීමකින් තොරවය.

ඉන්පසු මුල් සිදුවීම වූ සිසුවාගේ නිවසට පසුගිය මැයි 21 වැනිදා ඇයව කැඳවා දූෂණය කර ඇති බවත් ඉන්පසුව තවත් සිසුවකුගේ නිවසට සිසුන් තිදෙනකු රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


කෙසේ වෙතත් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම ප්‍රකාශ විමර්ශනය කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22 ඇතුළු ඊට ආධාර අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.