සනත්ගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ගැන නිල නිවේදනයක්.
By Wayomi
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළා.
ඒ, අනුව 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව අදාළ තනතුර සඳහා පත්කර ඇත.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?
පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇති අතර එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කරනු ලැබුවා.
