AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

Sri Lanka Police Anura Kumara Dissanayaka Murder AKD
By Wayomi Oct 06, 2024 06:11 AM GMT
Wayomi

Wayomi

Report

දේශපාලන බලපෑම් මත යට ගැසූ සහ පසෙක තැබූ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ අපරාධ සිද්ධීන් 07ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම යට ගැසූ අපරාධ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ජනපති වෙලා සති 2යි. - ජනපති අනුරගේ සති දෙකේ පැටිකිරිය ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව මෙන්න.

ජනපති වෙලා සති 2යි. - ජනපති අනුරගේ සති දෙකේ පැටිකිරිය ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව මෙන්න.

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)


වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු කීප දෙනෙක්ම මෙම විශේෂ සාකච්ඡාවට එක්විය.

එහිදී යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලැබී තිබෙනවා.

එමෙන්ම යහපාලන සමයේදීම සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර ඊට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට උපදෙස් ලබාදී ඇත.

මේ අතර මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ මහත් ආන්දෝලනයට තුඩුදුන් ලසන්ත වික්‍රමතුංග මෙන්ම, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීන් ද එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන්ද නතරවී තිබෙන විමර්ශන නැවත ආරම්භ කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ලන්ඩන් - කොළඹ ගුවන් ගමන් මාර්ගය හදිසියේම වෙනස් කරයි. - වෙනස් වූ මාර්ගය සහ කාලය මෙන්න.

ලන්ඩන් - කොළඹ ගුවන් ගමන් මාර්ගය හදිසියේම වෙනස් කරයි. - වෙනස් වූ මාර්ගය සහ කාලය මෙන්න.


දෙමළ තරුණයන් 11 දෙනකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් පසුව ඔවුන් අතුරුදන් කිරීම පිළිබඳව විමර්ශන අවසන් කිරීමට නියෝග ලැබී තිබේ. බරපතළ මූල්‍ය වංචාවක් ලෙස ප්‍රකට මිග් යානා ගනුදෙනු සිද්ධිය සම්බන්ධයෙන් නතර කර ඇති විමර්ශන නැවත ක්‍රියාත්මක කර සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී ඇත.

මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)

මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.