ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?
ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
කොටස් වෙළඳ පොළේ දර්ශක අගයන් එලෙස ඉහළ යාම සාධනීය තත්වයක් වන අතර කොටස් වෙළඳ පොළ අගයන් රටේ ආර්ථික,දේශපාලනික ස්ථාවර තත්වය මත රැදි පවතිනවා.
ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි ව්‍යාපාරිකයන් දැඩි විශ්වාසයක් තබා ඇති බවත්, ව්‍යාපාරිකයන් කොටස් වෙළඳ පොළ තුල ආයෝජනය කිරීමට වෙනදාටත් වඩා වැඩි විශ්වාසයකින් සිදුකරන බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා.
එමෙන්ම විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳ පොළට ආකර්ශනය කර ගැනීමට අවධානය යොමුවිය යුතු බවත්, එමගින් විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ලැබීම සහ කොටස් මිළ දර්ශන අගයන් තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.