"ප්‍රේමදාස මහත්තයා වගේ නෙවෙයි පුතාගේ වාසගම විතරයි වැඩ බැහැ." - තාත්තාගේ පුතාගේ කෙරුවාව ගැන දුමින්ද කියන කතාව.

Report

දැන් ගමේ ජෙප්පෝ ටිකත් අනුර කුමාර දිනනවා කියලා කිව්වට අනුර කුමාර තමයි වැඩියෙන්ම භය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා අනුරාධපුරයේ පැවති ජන හමුවකදීයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"සැප්තැම්බර් 21 ට පාට භේදයක්, පක්ෂ භේදයක්, ආගම්, කුළ -මල භේදයක් නෑ, ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ නොවන ස්වාධීන අපේක්ෂකයෙක් වෙච්ච පුළුවන් තරම් රනිල්ට බැනපු, පුළුවන් තරම් රනිල්ව පරද්දපු අපිම නැවත වතාවක් පහුගිය කාළයේ වගකීම භාර ගෙන ඒ වැඩේ කරලා පෙන්නුව නිසා අපි අවුරුදු 20 -25 ක් බැන්නත් අවුරුදු 25 ක්ම බෑ කියලා කිව්වත්, පහුගිය අවුරුද්දේ කරලා පෙන්නපු නිසා අපි නැවත වතාවක් අවුරුදු 05 කට රනිල්ට මේ රට භාර දෙමු කියලයි අපි කියන්නේ.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

හැබැයි ඒකෙන් ශ්‍රී ලංකාකාරයෝ යූ.එන්.පී වෙන්නෙත් නෑ, රනිල්ට අපි කතිරයක් ගැහුවා කියලා රනිල් ශ්‍රී ලංකා වෙන්නෙත් නෑ, දැන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයිනේ ඉන්නේ, එක ජනාධිපතිවරයෙක් පත් කර ගන්න කොට ඡන්ද 10 ක් නැති එවුනුත් ලැයිස්තුවේ නම දාලානේ, ඒ නිසා ලැයිස්තුවේ අපේ නම තියෙන්නේ 37 ට, වෙනදා නම් උඩින් ගිහින් කතිරය ගැහුවේ දැන් තියෙන්නේ යටින්, දැන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවානේ, එක්කෙනක් සජිත් ප්‍රේමදාස මහත්තයා, අනෙක් කෙනා අනුර කුමාර දිසානායක මහත්තයා.

සජිත් ප්‍රේමදාස ගැන වැඩිය අපි කථා කරන්න දෙයක් නෑ, එතුමා වැඩියෙන් කට අරින තරමට අපිට ලේසියි.එතුමාට මේක කර ගන්න බෑ කියලා අපි දන්නවා. ස.ජ.බේ කට්ටිය දැන ගෙන හිටියේ නැති වුණාට අනෙක් හැමෝම දන්නවා, සජිත් ප්‍රේමදාස කියන්නේ, විපක්ෂ නායකතුමා කියන්නේ වැඩකාරයෙක් නෙමෙයි කියලා අපි දන්නවා, මේ අභියෝගය භාර ගන්න බෑ කියලා අපි දන්නවා.ඒක එතුමත් පෙන්නලා තියෙනවා.රට වැටුණු වෙලාවේ, හරි නම් විපක්ෂ නායකනේ රට භාර ගන්න ඕන, රටේ ජනාධිපතිව එළෙව්වා, එයා හොරෙන්ම අපිටත් නොකියා නැවක නැගලා පැනලා ගියා, මහින්ද මහත්තයාව මිනිස්සු එපා කිව්වා, ආණ්ඩුව ඉල්ලා අස්වුණා.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.


එතකොට හරි නම් ටක් ගාලා ඇවිල්ලා වැඩේ භාර ගන්න ඕන විපක්ෂ නායක, හරි මම කරන්නම් රට, රටේ නායකයෙක් නෑ, ආණ්ඩුවක් නෑ, මේක දෙන්න මට කියලා.එයා ආවේ නෑ.ඒ ආවේ නැත්තේ එයාට ඒ හැකියාව නෑ,ප්‍රේමදාස මහත්තයා එහෙම නෙමෙයි, ප්‍රේමදාස මහත්තයා පක්ෂය ඇතුලෙත් ගේම් ගහලා, එයා වැඩකාරයෙක්, එයාව අපි පිළිගන්නවා.හැබැයි ඉතින් ප්‍රේමදාසගේ පුතා කියලා, වාසගම විතරනේ,ඒ නිසා එතුමා වැඩකාරයෙක් නෙමෙයි කියලා අපි දන්නවා."

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)