පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

Mahinda Yapa Abeywardena Government Of Sri Lanka employee provident fund
By Wayomi Sep 11, 2024 01:47 PM GMT
Wayomi

Wayomi

Report

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන අද දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.


පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සදහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරණ අය වැය සහන දීමනා පනත් මගින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය වැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බවද අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික ගෙවීම් සදහා අදාල අවම වැටුප අදාල කරගත යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.


2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින් සඳහා 2016.01.01 දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර ඇත. මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේ දී නියම කරන ලදී.

නැවත 2021 වර්ෂයේ දී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදු නොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වන දින පර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට කටයුතු කළ අතර, ගරු කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)