රිමාන්ඩ් කළ හෝමාගම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වෙනත් බන්ධනාගාරයකට මාරු කරයි - හදිස්සියෙම මාරු කරපු හේතුව මෙන්න
By Kaushi
හෝමාගම පොලිස් භාරයේ රඳවා සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා රාත්රියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් සැකකරුවෙකු වශයෙන් ලියාපදිංචි කිරීමෙන් පසු එදින රාත්රියේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි
එමෙන්ම ඔහු මීට පෙර රාජකාරියේ නිරතව සිටියදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එබැවින් ඔහුව මෙසේ වෙනත් බන්ධනාගාරයකට මාරුකර ඇත්තේ අඳාළ සැකකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටීම නිසා, ඔහුට එල්ල විය හැකි ජීවිත තර්ජන සැලකිල්ලට ගනිමින් බව සඳහන්.