අවදානම්...මෙන්න දැන් ලැබුණු රතු නිවේදනය
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (14) දින ප.ව.02.30ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (15) දහවල් 02.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.
අඳාළ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහායි.
සුළඟේ වේගය එම මුහුදු ප්‍රදේශවලදී විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි වන බව දක්වයි.
එසේම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද පවසයි.
කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් දැනුම් දෙන්නේ අඳාළ ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
එසේම ඔවුන්ට ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් දන්වා ඇත.