වහාම ක්‍රියාත්මක වන්නැයි හෙට 10.30 තෙක් වලංගු රතු නිවේදනයක්

Report

අද(09) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙට(10) දින පෙ.ව. 10.30 වන තෙක් වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේම කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව සඳහන්.

දිස්ත්‍රික්ක රැසකට හදිසි කාලගුණ අනතුරු ඇඟවීමක් - තද සුළං සහ අකුණු අනතුරක්

දිස්ත්‍රික්ක රැසකට හදිසි කාලගුණ අනතුරු ඇඟවීමක් - තද සුළං සහ අකුණු අනතුරක්

ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට ‍යළි දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන මෙන් නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

තවද ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව පවසයි.

එමෙන්ම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද අඳාළ නිවේදනයේ සඳහන්.

මේ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන මෙන් ධීවර හා නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

සාරංගානියේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පාසල් කඩා වැටෙයි - ලෝකෙම සලිත කරමින් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි

සාරංගානියේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පාසල් කඩා වැටෙයි - ලෝකෙම සලිත කරමින් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි

මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ

මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ

Gallery