මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බව පවසයි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් මත මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බව සඳහන්.

එසේම එම අමාත්‍යාංශය දන්වා ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රෝහල් හා ආයතනවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම මින් සිදු කෙරෙන බවයි.

ඒ අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන ජූනි මස 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

එසේම අඳාළ බඳවා ගැනීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2025.08.31 දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත බව ද සඳහන්.

එබැවින් එම ලිඛිත විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අයැදුම්කරුවන් පමණක් මෙම සම්මුඛ පරීක්ෂණයට කැඳවන බව වාර්තා වේ.

ඒ අනුව සුදුසුකම් ලබා ඇති අයැදුම්කරුවන් වෙත සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි මේ වනවිටත් ලියාපදිංචි තැපෑල මඟින් යොමු කිරීමට කටයුතු කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළවන බවයි සඳහන්.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ඉකුත් ජනවාරි මාසයේ දී බඳවා ගනු ලැබූ බවත් මෙවර බඳවා ගනු ලබන්නේ එහි දෙවන කණ්ඩායම බවත් ය.

අද උදේ 10ට වාහන අංක තහඩු මුද්‍රණය නිල ලෙස යළි ඇරඹෙයි

අද උදේ 10ට වාහන අංක තහඩු මුද්‍රණය නිල ලෙස යළි ඇරඹෙයි

පාසල් අධ්‍යාපනයම උඩුයටිකුරු වෙයි - පාසල් සිසුන්ට සුභ ආරංචියක් - පාසල් ඉගෙනුමට ඩිජිටල් උපාංග වැඩපිළිවෙළක් ගැන අගමැතිනිය කියයි

පාසල් අධ්‍යාපනයම උඩුයටිකුරු වෙයි - පාසල් සිසුන්ට සුභ ආරංචියක් - පාසල් ඉගෙනුමට ඩිජිටල් උපාංග වැඩපිළිවෙළක් ගැන අගමැතිනිය කියයි