දිස්ත්‍රික්ක රැසකට හදිසි කාලගුණ අනතුරු ඇඟවීමක් - තද සුළං සහ අකුණු අනතුරක්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමන අවස්ථා ඇතිවිය හැකි බව ද වාර්තා වේ.

සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයෙන් තරමක තද සුළං හමා යාමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

අද දවස උඩුයටිකුරු කරන ග්‍රහ මාරුව - ලග්න 3කට මහා ධන යෝග.. ඔබේ ලග්නයත් ඒ අතරද?

අද දවස උඩුයටිකුරු කරන ග්‍රහ මාරුව - ලග්න 3කට මහා ධන යෝග.. ඔබේ ලග්නයත් ඒ අතරද?