සාරංගානියේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පාසල් කඩා වැටෙයි - ලෝකෙම සලිත කරමින් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි [VIDEO]
අද(08) දින උදෑසන 7.37ට පමණ දකුණු පිලිපීනයේ සාරංගානි පළාතේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, ඉන් පසු අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස්, ගොඩනැගිලි රැසකට හානි සිදු වූ අතර, පාසල් සහ ගුවන් ගමන් අත්හිටුවා ඇති බව පළාත් පාලන ආයතන සඳහන් කර ඇත.
මේ අතර රටේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට (DepEd) අනුව සාරංගානි පළාතට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව සහ පසු කම්පනවලට මින්ඩනාඕ හි කලාප පහක පාසල් 6,224 ක් නිරාවරණය වී තිබෙන බව සඳහන්.
එසේම එමඟින් පාසල් දරුවන් මිලියන 3.2 කට අධික සංඛ්‍යාවක් සහ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය 128,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් රටේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, "ඉගෙන ගන්නන්, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා" මින්ඩනාඕ හි බලපෑමට ලක් වූ ප්‍රදේශවල සියලුම මට්ටම්වල පන්ති නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම අධ්‍යාපන ලේකම් සොනී අංගාරා ද බලපෑමට ලක් වූ සියලුම පාසල්වල ආරක්ෂක පරීක්ෂාවන් සහ හදිසි සහාය බලමුලු ගැන්වීමට සහ හානි තක්සේරු කිරීමට සහ භූමියේ කලාපීය කණ්ඩායම්වලට සහාය වීමට ව්‍යුහාත්මක ඉංජිනේරුවන් යෙදවීමට නියෝග කර ඇත.
මේ අතර සමාජ මාධ්‍ය පුරාවට එම භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ පාසල්වල ඇතැම් දර්ශන සංසරණය වීම දක්නට ලැබේ.