ප්‍රකට පරිසර ක්‍රියාකාරිකයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්, තත්ත්වය බරපතළයි

Sri Lanka Police Crime Law and Order Sinhala news Breaking News
By Kaushi Aug 02, 2025 07:52 AM GMT
Kaushi

Kaushi

Report

සිගිරිය පොලිස් බල ප්‍රදේශයේ කුඹුක්කදන්වලදී පුද්ගලයින් සිව් දෙනෙක් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් එක් අයෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහුගේ කැපුම් තුවාල බරපතළ තත්ත්වයේ පවතින නිසා සැත්කම් කිහිපයක් සිදුකර ඇති බවයි.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

මේ අතර පහරදීම සිදුකළ පුද්ගලයින් සිව් දෙනා සිද්ධියෙන් පසු පළා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳව සහ පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ දඹුල්ල, කිඹිස්ස, කුඹුක්කදන්වල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර නම් අයෙක්.

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මොහු ප්‍රදේශයේ සිදුවන වන විනාශය, රජයේ රක්ෂිත ඉඩම් අල්ලා ගැනීම සහ සතුන් දඩයම ඇතුළු පාරිසරික විනාශයන්ට විරුද්ධව අදහස් දක්වමින්, අදාළ නිලධාරීන් දැනුවත් කරන ප්‍රදේශයේ ප්‍රකට පරිසර ක්‍රියාකාරිකයෙක් බව සඳහන්.

කෙසේ වෙතත් මෙම පහරදීම ඔහුගේ පාරිසරික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දැයි පොලීසිය විමර්ශනය කරන බව වාර්තා වේ.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

ReeCha