ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

Report

ඇමරිකාවෙන් මෙරටට පැනවූ තීරු බද්ද අඩුකිරීමට ගත් පියවරෙන් කලාපයේ අනෙකුත් රටවල් සමග සාධාරණ වෙළෙඳ තරගයකට යොමුවීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසා ඇත.

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නියෝගයකට අනුව ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංශෝධිත අන්‍යෝන්‍ය ගැළපුම් තීරු බදු ප්‍රතිශතය, ඇඟලුම් නිෂ්පාදනය කරන කලාපයේ අනෙකුත් රටවල් වන බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව හා පාකිස්තානය යන රටවල් සමග ආසන්න ලෙස සමපාත වන බවත්, එය ඉන්දියාවට (25%) වඩා අඩු අගයක් ගෙන ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම නව බදු ප්‍රතිශතයෙහි වෙනස ඔස්සේ කලාපයේ අනෙක් රටවල් හා සාධාරණ වෙළෙඳ තරගයකට යොමුවෙමින් ඇමරිකානු වෙළෙඳපොළේ තරගකාරිත්වය පවත්වාගෙන යාමට හැකිවන බව ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කරයි.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

මේ අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මඟින් ඇමරිකාව මෙම මස 07 වැනිදා පටන් ක්‍රියාත්මක කරනු ලබන සංශෝධිත තීරුබදු ව්‍යුහයට අනුව ශ්‍රී ලංකාව සඳහා පැනවූ බදු ප්‍රතිශතය 20% ක් වීම සම්බන්ධයෙන් තම සංසදයේ ප්‍රසාදය පළකරන බවත්, එම බදු ප්‍රතිශතයන් අඩුකර ගැනීමට ඇමරිකානු නියෝජිතයන් සමග වඩාත් සාර්ථක සාකච්ඡාවන් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ස්තූතිය පළකරන බවත් පවසා ඇත.

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

එසේම එම සංසදය වැඩිදුරටත් සඳහන් කළේ ආචාර ධර්මීය කම්කරු පිළිවෙත් පාරිසරික තිරසර බව සහ ඇඟලුම් නිෂ්පාදනයේ නවෝත්පාදන සඳහා කැපවෙමින් ඇමරිකාව සමග කරන වෙළෙඳ කට​යුතු තවදුරටත් පුළුල් කිරීමට තම සංසදය ඉදිරියේදී අපේක්ෂා කරන බැවින් තවදුරටත් බදු සහන ඉදිරියේදී අත්පත් කරගැනීමට හැකිවන බව විශ්වාස කරන බවයි.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..