රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළේ නැටූ නාඩගමට හේතුව මෙන්න. - (VIDEO)
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බව ඊයේ වාර්තා වී තිබුනා. එම විස්තරය පහතින්,
?
එහිදී ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.
එමෙන්ම සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇති බව සඳහන්.
පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුනා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.
එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.
සිදුවීම සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ මෙලෙසින්,
"මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත."