මේ අවුරුද්දේ ඉඳන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඔන්ලයින් පාස්පෝට්

Report

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලවලින් මාර්ගගත ක්‍රමවේද‍යෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමට වන ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල ඔස්සේ සිදුකරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමවේදය ඉක්මන් කිරීම සඳහා එය මාර්ගගතව සිදුකිරීමට සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

මෙහිදී සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් දූත මණ්ඩල කාර්යාල 20ක් ආවරණය වන ලෙස ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති/මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් ලබා එකඟතාව පළ කර ඇත.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

එසේම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම බලාපොරොත්තු වේ.

මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ හඳුනාගනු ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ගගත ක්‍රමවේදය තුළින් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමට වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි