කැනඩා යන්න ලක්ෂ 20ක් අරගෙන ගෙදර එමින් සිටි තරුණයාට සිදුවූ බිහිසුණු ඛේදවාචකය මෙන්න.(PHOTOS)

Report

අගෝස්තු මස 3 වෙනිදා කැනඩාවේ රැකියාවකට යාම සදහා බැංකුවෙන් රුපියල් ලක්ෂ 20ක් රැගෙන ආ තරුණයෙකුගේ මළ සිරුර මුලතිව් වවුනිකුලම් වැවේ තිබියදී පොලීසිය විසින් ඊයේ (30) දිනයේ සොයා ගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ, මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේදී 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නැමති මෙම තරුණයාගේ මරණය අබිරහසක් වී ඇති අතර, ඔහු මියයාමට පෙර මිතුරන් වෙත ගන්නට ඇතැයි සැකකෙරෙන දුරකතන පණිවුඩ ගණනාවක්ම පොලිස් පරීක්ෂණ වලදී සොයා ගැනීමට හැකි වී ඇති බවයි. 

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..


වවුනිකුලම් වැව අසලින් ගිය පිරිසක් වැව් කණ්ඩිය අසල යතුරු පැදියක්, සරමක් හා පාවහන් යුගලක් දැක ඇති අතර, වැව අසල කිසිවෙක් දැක ගන්නට නොමැති නිසා ඇති වූ සැකයක් මත ඒ බව පාණ්ඩියන්කුලම් පොලීසියට දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වැව නිරීක්ෂණය කිරීමේදීයි මෙම තරුණයාගේ මළ සිරුර හමු වී ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කර තිබේ.

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..


ඔහු බැංකුවෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 20ක මුදලද අතුරුදහන් වී ඇති නිසා එම සැකය තවත් වැඩි බවයි මිය ගිය තරුණයාගේ ඥාතීන් පවසන්නේ. 

GalleryGalleryGalleryGallery