අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..

Report

මෙරට මාසිකව සිදු වන්නට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් ද පහළ ගොස් ඇති බව පසුගිය දිනයන්හි වාර්තා වුණා.

ඉන්ධන මිලට අද රෑ මොකද වෙන්නෙ? ගගන හෙළිදරව්වෙන් පසු අද සිදු වූ දේ..

ඉන්ධන මිලට අද රෑ මොකද වෙන්නෙ? ගගන හෙළිදරව්වෙන් පසු අද සිදු වූ දේ..


ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබිණ.

ඒ අනුව මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙන අතර, එය 1.51%ක පහළ යෑමකි.

අස්වැසුමත් එකවරම නතර වෙයි.. 450,000කට අධික ප්‍රමාණයකට සිදුවූ දේ..

අස්වැසුමත් එකවරම නතර වෙයි.. 450,000කට අධික ප්‍රමාණයකට සිදුවූ දේ..


ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් මෙලෙස දිගින් දිගටම පහලයෑම මෙරට ඉන්ධන මිල ගණන් අඩුවීමට ප්‍රධාන හේතුවක් ද වනවා.

බොරතෙල් මිල ගණන් පහල යෑම සහ මැතිවරණයක් ප්‍රකාශයට පත්වී ඇති මොහොතක අද මාධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ඉන්ධන මිල මෙරට ජනතාවට දැනෙන බලපෑමකින් අඩු කෙරෙනු ඇතැයි බොහෝ විද්වතුන්ගේ මතයයි.

කෙසේනමුත් පසුගිය කාලයේ අධික ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන් තවමත් මෙරට ජනතාවට දැනෙන ගණනකින් අඩු නොකිරීම කණගාටුවට කරුණකි.

මේ අනුව පසුගිය කාලසීමාවේ අධික ලෙස ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහළ ගිය ආකාරය මාස 04ක විශ්ලේෂනාත්මකව විමසා බලමු.

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..


ඒඅනුව, මාර්තු මස 31දා වන විට රුපි­යල් 371ක්වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීට­ර­යක මිල අප්‍රේල් මාසයේ රුපි­යල් 03කින්ද, මැයි මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් මැයි මස 13කින්ද, ජුනි මස මිල සංශෝ­ධ­න­යේදී 11කින්ද වශ­යෙන් පසු­ගිය මාස 04තුළ රුපි­යල් 27කින් අඩුවී වන්නට වුණා.

මාර්තු මාසයේ රුපි­යල් 448කට පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල මාර්තු මාසයේ මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 07කින්ද, අප්‍රේල් මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 20කින්ද අඩුවූ අතර මැයි මස මිල සංශෝ­ධ­න­යේදී වෙන­සක් සිදු වූයේ නැහැ.

නමුත්, ජුනි මාසයේ මිල සංශෝ­ධ­න­යේදි රුපි­යල් 41කින්ද මිල අඩු කරනු ලැබීය.

ඒ අ­නුව පසු­ගිය මාස හතර තුළදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල රුපි­යල් 68කින් අඩුවී ඇත.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....


මාර්තු මාසයේ මිල සංශෝ­ධ­නය වන විට රුපි­යල් 363ක් වූ සුදු ඩීසල් මිල අප්‍රේල් මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 03කින්ද, අප්‍රේල් මාසයේ මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 16කින්ද අඩු­විය.

ජුනි මාසයේ මිල සංශෝ­ධ­න­යේදී එහි මිල සංශෝ­ධ­න­යක් සිදුවූයේ නැහැ. ඒ අනුව මාස හතර තුළ මිල සංශෝ­ධ­න­යේදී සුදු ඩීසල් රුපි­යල් 19කින් අඩුවී තිබේ.

මාර්තු මස මිල සංශෝ­ධ­නය වන විට 458ක්ව පැවැති සුපිරි ඩීසල් මිල මාර්තු සං‍ශෝධ­න­යේදී රුපි­යල් 72කින් අඩුවූ අතර එය අප්‍රේල් මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 09කින් අඩු­විය.

ජුනි මාස­යට අදාළ සංශෝ­ධ­න­යේදී තවත් රුපි­යල් 22කින් මිල අඩු­විය. ඒ අනුව ගෙවී ගිය මාස හතර තුළ සිදුවූ මිල සංශෝ­ධ­න­ව­ලදී සුපිරි ඩීසල් මිල රුපි­යල් 116කින් අඩු­වීමද විශේෂත්වයක්.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්.. | Fuel Prices Lost Sri Lanka

කෙසේනමුත් අවසන් වරට සිදුවූ ඉන්ධන මිල ගණන් සංශෝධනය පහතින්,

Gallery