අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..

Report

වැඩිහිටි දීමනා, රෝගාබාධ ආධාර, ගොවි විශ්‍රාම වැටුප් ආදී දීමනා මුදල ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, රජයේ ආරංචි මාර්ග කියා සිටින්නේ පිළිකා ආධාර ඇතුළු රෝගාබාධ ආධාර, වැඩිහිටි දීමනා ආදිය රුපියල් 3,000 කින් පමණ ඉහළ දැමීමට නියමිත බවයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..


ඒ අනුව බොහෝ දුරට මෙම අධාර මුදල රුපියල් 5,000 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති අතර, එම සංශෝධිත මූල්‍යාධාර ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට ද රජය කටයුතු කරමින් සිටින බවටයි, තොරතුරු අනාවරණය වන්නේ.

ජීවන වියදම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා හේතුවෙන් බදු ප්‍රතිශත ඉහළ දැමීම ආදී කරුණු නිසා අසාධාරණයට ලක්වන පාර්ශ්ව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කරන ලෙස ද එම අරමුදල විසින්ම යෝජනා කරයි.

ඉන්ධන මිලට අද රෑ මොකද වෙන්නෙ? ගගන හෙළිදරව්වෙන් පසු අද සිදු වූ දේ..

ඉන්ධන මිලට අද රෑ මොකද වෙන්නෙ? ගගන හෙළිදරව්වෙන් පසු අද සිදු වූ දේ..


රජයේ ආරංචිමාර්ග කියා සිටින්නේ, මෙම කරුණු සැලකිල්ලට ගෙන මෙම ආධාර මුදල් ඉදිරියේදී ඉහළ නංවන බවයි.