අනුරට කළින් මෝදි ඉස්සර වෙයි, ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තීරු බදු 15-20% තෙක් පහළට

Report

අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඇති කර ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව අඳාළ ගිවිසුම යටතේ ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20%ට වඩා අඩු විය හැකි බව සඳහන්.

එසේම මෙය ගෝලීය ලෙස වඩා දැඩි තීරුබදු ක්‍රමයක් හඳුන්වා දෙන අමෙරිකාව හමුවේ කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ඉන්දියාවට වාසිදායක තත්ත්වයක් බව පවසයි.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සතියේ අනෙකුත් රටවල් මෙන් ඉන්දියාවට අමෙරිකාවෙන් නිල තීරුබදු ඉල්ලීම් ලිපියක් නොලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවට අඳාළ වෙළඳ ගිවිසුම ප්‍රකාශයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

එසේම මෙම විභව ගිවිසුම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙකුත් බොහෝ වෙළඳ හවුල්කරුවන් සමඟ අනුගමනය කරන ප්‍රවේශයට වඩා සැලකිය යුතු ආකාරයට වෙනස් වන බව ද සඳහන්.

ට්‍රම්ප් විසින් මේ සතියේ සෙසු වෙළඳ හවුල්කරුවන් වෙත සමහර අවස්ථාවලදී 50% තරම් ඉහළ තීරුබදු අනුපාත ප්‍රකාශයට පත් කර ඇත්තේ අගෝස්තු 01 වන දිනට නියමිත කාලසීමාවට පෙරයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මේ අතර තවමත් තම තීරුබදු අනුපාත සම්බන්ධයෙන් දැනුම් දී නොමැති බොහෝ රටවලට 15% ත් 20% ත් අතර සාමාන්‍ය තීරුබදු පැනවීමට සලකා බලන බවට මෑතකදී ඔහු NBC පුවත් සේවයට ප්‍රකාශ කළා.

එසේම බොහෝ අමෙරිකානු වෙළඳ හවුල්කරුවන් වෙනුවෙන් වත්මන් ගෝලීය මූලික අවම බද්ද 10% ක් බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ වසරේ ධවල මන්දිරය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කළ පළමු රටවල් අතර ඉන්දියාව ද සිටි‍යි.  

තවත් බිහිසුණු අනතුරක්, බස් රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් බිහිසුණු අනතුරක්, බස් රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට