පාතාලෙ තියන් වැඩ පෙන්නපු මැති ඇමති විස්සකට පාර්ලිමේන්තුවේදීම බඩු පත්තු වෙන්නලු යන්නේ
දරුණු පාතාලකරුවන් සමඟ ගනුදෙනු සිදුකල හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් සහ විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් පිලිබදව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඡායාරූප ද සමඟ තොරතුරු හෙළි කිරීමට ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වේ. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව අතිශය උණුසුම් ස්වරුපයක් ගෙන ඇත.
ඒ දරුණු ගණයේ අපරාධකරුවන් හා සම්බන්ධකම් පැවැත්වූ බව දේශපාලඥයන්ට චෝදනා එල්ල වීමත් සමගය.
එමෙන්ම රටේ සිදුවන පාතාල සිදුවීම් පිලිබදව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට සූදානම් බවද තොරතුරු වාර්තා වේ.
එමෙන්ම පසුගියදා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් කිහිපදෙනෙක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග සිදුවූ විමර්ශන පිලිබදව මාධ්‍ය හෙළිකරන ඇතැම් කරුණු විමර්ෂණ කටයුතු වලට බාධාවක් බවත් මෙම පාතාලකරුවන් ඇතැම් දේශපාලඥයන් සමඟ පැවැත්වූ මුල් සබඳතා පිළිබඳව තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
නමුත් පරීක්ෂණ අවසන් වන තුරු ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර හෙළිදරව් කළ නොහැකි බවද අමාත්‍යවරයා පවසයි.