"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී

Report

රූපවාහිනී වැඩසටහනකට එක්වූ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසේකර මහත්මිය පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාට පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එලවූ චෝදනා සනාථ නොවූ බවයි.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

එමෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ පුපුරාගෙන මියගිය බව සත්‍ය වුවද ඔවුන්ගේ පියා වන මොහොමඩ් ඒබ්‍රහිම්ට එය අදාළ නොවන බව ඇය සදහන් කළාය.

2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ මාලිගාවත්ත, කොච්චිකඩේ, කාටුනායක වැනි ප්‍රදේශවලදී සිදු කළ ඉරුදින ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය පිලිබදව විමර්ශන මෙහෙයවූ අතර එහිදී මෙම මොහොමඩ් ඊබ්‍රහිම් නම් පුද්ගලයාගේ පුතුන් දෙදෙනා එම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව අනාවරණය විය.

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

එහිදී මොහොමඩ් ඊබ්‍රහිම් නම් පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු බවට තොරතුරු හෙළිවීමත් සමගම දිගින් දිගටම ඔහුද මෙම ප්‍රහාරයට සම්බන්ධ බවත් විරුද්ධ පාක්ෂිකයන් චෝදනා එල්ල කළේය.

ඊට පිළිතුරු වශයෙන් වැඩසටහනට එක්වූ මන්ත්‍රී සමන්මලී මහත්මිය මෙම අදහස් දැක්වූවාය.

2019 සිදුවූ එම බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 260කට අධික සංඛ්‍යාවක් මියගොස්, 500කට අධික පිරිසක් තුවාල ලැබූ අතර අදාළ නඩු කටයුතු සඳහා ප්‍රධාන සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවේ තබා ඇති අතර, දේශීය සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන සහයෝගයෙන් සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

ආබාධිත රණවිරුවන් 55න් මිය ගියොත් විශ්‍රාම වැටුප ළඟම ඥාතීන්ට

ආබාධිත රණවිරුවන් 55න් මිය ගියොත් විශ්‍රාම වැටුප ළඟම ඥාතීන්ට