විදුලිබල මණ්ඩලයෙන් 6.8 ක ගාස්තු වැඩි කිරීමක්?

Report

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 අවසාන කාර්තුව සඳහා ඉදිරිපත් කරන ලද ගාස්තු සංශෝධනය මඟින් 6.8%ක ගාස්තු වැඩිවීමක් යෝජනා කර තිබෙනවා.

එලෙස ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. 

රොහාන් ඕලුගල, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම්හි අධීක්ෂණ ප්‍රධානී ලෙස පත්කෙරේ

රොහාන් ඕලුගල, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම්හි අධීක්ෂණ ප්‍රධානී ලෙස පත්කෙරේ

මේ සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම සැප්තැම්බර් 18 වන දින ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම ඔක්තෝබර් 7වන දිනට පෙර ලිඛිත ඉදිරිපත් කිරීම් සිදු කළ හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වේ.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට පෙර පහත සඳහන් මාර්ග ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඊමේල් - info@pucsl.gov.lk

වස්ඇප් - 076 427 1030

ෆේස්බුක් - www.facebook.com/pucsl

තැපෑලෙන් - තුන්වෙනි විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය 2025 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, කොළඹ 3

ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්