ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා, කන්ට්‍රේනර් දෙක මිද්දෙණියට ගිහින් දැම්මේ කොක්කු වෙන්න ඇති, නක්කලේ දාන නාමල්

Report

අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ලංකාවට ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු විසින් වත්මන් ආණ්ඩුව මෙරටට බලයට පැමිණි පසු ආ සෘජු ආයෝජන මොනවද යනුවෙන් ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම වර්තමානයේ කතාබහට ලක්ව ඇති සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලකයන්ට නගන චෝදනා සම්බන්ධයෙන්ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

ඒ අනුව මන්ත්‍රීවරයා කියා සිටියේ,

" දැන් ඔබතුමන්ලා හුවා දක්වන්න හදනවා මේ සමස්ත සංවිධානාත්මක අපරාධ කල්ලි ජාලය ක්‍රියාත්මක කරන්නේ අපි කියලා ඒක තමයි ඔබතුමාලාගේ ඊළඟ කැම්පේන් එක මේ සතිය අයිස් සතිය. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සතිය දැන් ඇවිල්ල තියෙනවා අයිස් සතිය. අපි කියන්නේ සංවිධානාත්මක අපරාධ මඩලන්න. අපේ පවුල්ට තමයි වැඩිම චෝදනා තියෙන සංවිධානාත්මක අපරාධ මඩලන්න ගිහිල්ලා. පහුගිය කාලෙ ඒ චෝදනා නැගුවෙත් ඔබතුමාලමයි. ඔබතුමාල ඒවට පරීක්ෂණත් කරනවා හැබැයි අනිත් පැත්තෙන් කියනවා අපි තමයි සංවිධානාත්මක කල්ලි මෙහෙයවන්නේ. ඉතිහාසය වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාව වාර්තා වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ. දැන් රතු වරෙන්තු ගියා. යැව්වේ පහුගිය ආණ්ඩුවෙන් හැබැයි අල්ලන් ආවේ ඔබතුමාලාගේ ආණ්ඩුව එක හොඳයි.

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

හැබැයි අල්ලන් ඇවිල්ලා අපේ පින්තූර තියලා මාධ්‍ය සාකච්ඡා තියෙනකොට හතර දෙනෙකුට වැඩි තියල ගිහිල්ලා. එතකොට ඒවා අල්ලන්න මෙහෙ පොලිසියට හැකියාවක් නැද්ද ජාත්‍යන්තර පොලිසියට විතරද අල්ලන්න පුළුවන්. දැන් මේ කන්ටේනර් දෙකක් ගැන කියනවා. අර කොක්කු දෙන්නෙක් කන්ටේනර් දෙකක් උස්සන් ගිහිල්ලා මිද්දෙණියට දැම්මෙ නෑනේ. මේවා වරායෙන් ආවේ.... දැන් පරීක්ෂණයත් කරලා කන්ටේනර් ගෙදරත් ගිහිල්ලා. දැන් කොහොමද ගියේ ඒකත් රාජපක්ෂලද?. වැඩක් නෑනෙ ආණ්ඩුවෙන් මේ කියන විදිහට මුළු වරායත් කන්ට්‍රෝල් කරන්නෙ රාජපක්ෂලා නම් කස්ටම් එක කන්ට්‍රෝල් කරන්නෙත් රාජපක්ෂලා නම් පොලීසිය කන්ට්‍රෝල් කරන්නෙත් රාජපක්ෂලා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි කන්ට්‍රෝල් කරන්නෙත් රාජපක්ෂලා නම් ඉතින් ඔබ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවද? " යනුවෙන් 

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල