ලබන වසරේ පෙළපොත් මුද්‍රණය පිළිබඳ දැනුම් දීමක්
2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් / මොඩියුල මුද්‍රණය කිරීමට ප්‍රසම්පාදනය ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/ මොඩියුල ප්‍රමාණයෙන් 40%ක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් මුද්‍රණය කර ගැනීම සඳහා 2025-06-16 දින අනුමැතිය ලබා දී ඇත.
ඊට අමතරව, තවත් පෙළපොත්/ මොඩියුල වර්ග 366කින් පිටපත් මිලියන 27.12 ක ප්‍රමාණයක් මුද්‍රණය කර ගත යුතුව ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කර මිල ගණන් කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා මුද්‍රණ ආයතන 29ක් ලංසු ඉදිරිපත් කර තිබේ.

පුතා උදේ යද්දි පන්සලට පඬුරු දාලා ගියේ එයා අනතුර වලක්වා ගන්න උත්සාහ කරා. එයා නරක ළමයෙක් නෙමෙයි- රියැදුරුගේ මව
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, රුපියල් මිලියන 3,491.47 ක පිරිවැයක් මත එකී ආයතන 29 මඟින් අදාළ පෙළපොත් / මොඩියුල 362 කින් පිටපත් මිලියන 25.49 ක් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.