නිවසට පැන කෝටි තුනක මැණික් ඉස්සූ ව්‍යාපාරිකයා සහ ධීවරයා රිමාන්ඩ්

Report

මැණික් ව්‍යාපාර කටයුතුවලට ශ්‍රී ලංකාවට පැමිණ සිටින 26 හැවිරිදි චීන ජාතිකයකු සතු රුපි‍යල් කෝටි 03 ක් පමණ වටිනා මැණික් ගල් 106 ක් සොරා ගත් බව කියන පුද්ගලයාත් ඒවා විකිණීමට ළඟ තබා ගත් බව කියන පුද්ගලයාත් යන දෙදෙනාම එළඹෙන 12 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ නියම කර තිබෙනවා.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එම මැණික් ගල් සොරකම් කළැයි පවසන බේරුවල, හෙට්ටිමුල්ලේ පදිංචි ධීවරයෙක් වූ එම්. සී. සිල්වා (අවු.41) නම් අයෙක් සහ සහ ඒවා ළඟ තබා ගත් බව කියන බේරුවල, මහගොඩ පදිංචි මැණික් ව්‍යාපාරික මොහොමඩ් කමල්ඩීන් නම් පුද්ගලයන් දෙදෙනෙක්.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

එසේම පැමිණිලිකාර චීන ජාතික ලියූ චැයෝන්ග් තම සොහොයුරිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය ජූනි මස 11 වන දිනයි.

මෙම දෙපළ බේරුවල ,හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක තාවකාලිකව නවාතැන් ගෙන සිට බේරුවල පත්තකඩේ මැණික් පොළ ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කරගෙන ගොස්‍ ඇති බව සඳහන්.

පසුගිය 04 වැනිදා පස්වරු 1.20 ට පමණ සොහොයුරිය සමග පාපැදියෙන් පත්තකඩේට ගොස් රාත්‍රී 8.00 ට පමණ නැවත එනවිට ඉදිරි දොර විවෘතව තිබූ බවත් නිවසට ඇතුළුවී බලන විට ඉටි කවරයක බහා තිබූ මැණික් ගල් නොතිබුණු බවත් පැමිණිලිකරු පොලිසියට පැමිණි කර ඇත.

ඒ අනුව බේරුවල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.කේ.එස්.කේ.මධුසංඛ ඇතුළු නිලධාරීන් හෙරොයින් මිලිග්‍රෑම් 10060 ක් සමග පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඒවා විකිණීමට භාරදී තිබූ මැණික් ව්‍යාපාරිකයාව ද සොර බඩු ළඟ තබා ගැනීමේ කරුණු මත අත්අඩංගුවට ගෙන ඇත.

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

එබැවින් ඔහු භාරයේ තිබූ මැණික් ගල් 106 ක්ද පොලිස් භාරයට ගෙන සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි වීරසූරිය සහ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර යන නිලධාරින්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්.නවරත්න සහ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.කේ.එස්.කේ.මධුසංඛ යන අය පවත්වන අතර පොලිස් පරීක්ෂක තෙන්නකෝන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල