ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත.

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

එනම් රටේ විවිධ පැති වල විශේෂ උත්සව පවත්වන විට විනෝදාස්වාදය සඳහා අහස් පහන් කූඩු අහසට යැවීම සිදුකරන නමුත් ඒවා භාවිතයේදී නිසි ලෙස ආරක්ෂිතව එය සිදු නොකිරීම බරපතල තර්ජනයක් බව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය දැනුම් දී ඇත්තේ දැල්වුණු ගිනි පන්දමක් සහිතව විවිධ ප්‍රමාණයේ පහන් කූඩු ගුවන් ගත කිරීම සිදුකරනු බවත් සමහර අවස්ථාවලදී පොළොවට වැටී ගිනිගෙන විනාශ වීමේ අවධානමක් ඇති බවත්ය.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

මෙලෙස පතිත වන ගිනිකෙළි කර්මාන්ත ශාලා, ඉන්ධන පිරවුම්හල්, ඉන්ධන ගබඩා කර ඇති ස්ථාන, නිවාස හා ගොඩනැගිලි ආදිය මතට වැටීම නිසා එම ස්ථානයන්ට විශාල හානියක් විය හැකි බව පොලීසිය අනතුරු අගවයි. 

කොළඹ නගරයේ ගාලු මුවදොර පිටියේද මෙසේ පහන් කූඩු ගුවන් ගත කිරීම නිරීක්ෂණය කර ඇති අතර මෙවැනි අහස් පහන් කූඩු යම් හෙයකින් ගිනි ගෙන නගරය ආශ්‍රිත විශේෂ මර්මස්ථානයකට හෝ මිනිසුන් පදිංචි නිවාස, මහල් නිවාස මත පතිතව යම් කිසි ආකාරයකට ගිනි ගැනීමක් සිදුවුවහොත් විශාල ජීවිත හා දේපළ හානි ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව පොලීසිය පෙන්වා දෙයි.

ආබාධිත රණවිරුවන් 55න් මිය ගියොත් විශ්‍රාම වැටුප ළඟම ඥාතීන්ට

ආබාධිත රණවිරුවන් 55න් මිය ගියොත් විශ්‍රාම වැටුප ළඟම ඥාතීන්ට

එම නිසා අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඒවායෙහි ව්‍යාප්තිය සහ අවදානම් සහගත තත්ත්වය පිළිබඳව අදාළ ගුවන් ගත කරනු ලබන ප්‍රදේශ ආශ්‍රිත මහජනතාව වෙත පූර්ව දැනුම්දීමක් සිදු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළින් දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් අහස් පහන්කූඩු ගුවන්ගත කිරීමේදී ඇති විය හැකි අන්තරාදායක තත්ත්වය පිළිබඳ මහජනතාවගේ අවධානයට ලක් කරන අතර විශේෂ උත්සව අවස්ථාවන් ඇතුළු අනෙකුත් අහස් පහන් කූඩු භාවිතා කරන අවස්ථාවන්හිදී ඉතා සැලකිළිමත්ව හා වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසට ශ්‍රී ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි