මිත්තනියගේ ඖෂධ පෙති ගිල දැමූ දරුවා මරුට

Sri Lanka Death Medicines
By Gagana News Mar 06, 2025 06:37 AM GMT
Gagana News

Gagana News

Report

මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවය.

පසුගිය 04 වනදා පස්වරුවේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.   

මර්වින් සිල්වා ඉඩම් මගඩියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

මර්වින් සිල්වා ඉඩම් මගඩියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679ක් අත්අඩංගුවට

නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679ක් අත්අඩංගුවට

ReeCha