මර්වින් සිල්වා ඉඩම් මගඩියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

By Shehan Mar 06, 2025 04:24 AM GMT
Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනූව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි.

හිටපු ඇමති මර්වින්ගේ ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹේ

හිටපු ඇමති මර්වින්ගේ ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹේ

බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මර්වින් සිල්වා මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළේ ය.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ඇමති මර්වින් CID අත්අඩංගුවට

හිටපු ඇමති මර්වින් CID අත්අඩංගුවට

සැකකරුවන් අද(06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.