සුළු මොහොතකට පෙර මාලිගාවත්තේ වෙඩි තැබීමක්
මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.
මෙහිදී ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
පසුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර වලට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
T56 ගිනිඅවියක් භාවිත කරමින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.