විශේෂ මෙහෙයුමක් - දරුණු මනුෂ්‍ය ඝාතකයෙක් කොටු වේ

Report

ඊයේ (02) රාත්‍රියේ පාතාලයේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවකු තලවකැලේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීතියාගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවකු බවත්, ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ නායකයින්ට මෙරට ඇතැම් පුද්ගලයන් සමඟ සම්බන්ධව වීමට අවශ්‍ය වට්සැප් තාක්ෂණය මෙම සැකකරු විසින් ලබා දී තිබු බවටත් කරුණු හෙළිවූ බව පොලිස් විශේෂ බලකාය පවසයි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ඉන්දුනීසියාවේදි අත්අඩංගුවට ගත් පාතාල නායකයින්ගේ දුරකථන විශ්ලේෂණ අනුව සැකකරු ආගරපතන ප්‍රදේශයේ බිරිදගේ නිවසේ සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32 පමණ වයසැති අයෙකු බවත්, සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හරහා මීතියාගොඩ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන බවයි ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

සුළු මොහොතකට පෙර මාලිගාවත්තේ වෙඩි තැබීමක්

සුළු මොහොතකට පෙර මාලිගාවත්තේ වෙඩි තැබීමක්

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා ආගරපතන පොලිසිය වෙත භාර දී ඇත.